අත්තිඩියේ සාදු දුමාරෙ ගහලා විප්ලවයක් කලේ. රොබී ජේ තරුණයාව එක මාසෙන් සුපිරිම තරුවක් බවට පත් කලා. මෙච්චර කල් බොහෝ විට සිද්ද වුනේ ගීත රචකයෝ කොළ කෑලි උස්සගෙන ගායකයෝ පස්සෙන් ගියා තමන්ගේ ගීතය කියවගන්න. කොහොම හරි හතර අතට වැදලා කියවගත්තත්, ගීතය සාර්ථක උනොත් ආර්ථික වාසි සියල්ලම පාහේ ගන්නේ ගායකයා. රචකයා නිකම්ම ගන්දබ්බයෙක් වෙනවා. හැබැයි ඇත්තටම ලෝකේ සින්දු කියන්න පුළුවන් අය ඕනෑ තරම් ඉන්නවා. ගීත රචනාවක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි. අලුත් ගායකයෝ පැරණි සාර්ථක ගීත කියමින් ජනප්රිය වෙන්න බලන්නෙත් මේ නිසයි(වැඩිය ඕනේ නැහැ, ගෘහස්ත පොඩි සාදයකට එකතු වෙන පිරිසක් දිහා බැලුවත් මේක පැහැදිලී). එහෙම බැලුවම අත්තිඩියේ පුඥරතන ස්වාමීන් වහන්සේ සැබෑම පෙරලියක් කල වීරයෙක්. මෙච්චර කාලෙකට දැවැන්තයෝ කියපු උදවියටවත් කරගන්න බැරුව හිටපු දෙයක් උන්වහන්සේ කලේ.
views 3.5 මිලියන් වලට ලං වෙලා. රටම දුමාරයෙන් වැසී යනවා.
"චීන පටස් දාලා වගේ පුටාර් එකේ යති හයේ හතරේ කල්ලී" කියලා අත්තිඩියේ පුඥරතන හාමුදුරුවෝ කියන කොට මතක් වෙන්නේ 90 ගණන් වල මැද වගේ කාලේ අපි කොළබ අත්තිඩිය ප්
රදේශයේ සැරිසරන කොට තිබ්බ තත්වයත් ඔය වගේමයි. ගරු ස්වාමීන්වහන්සේ තමන් කුඩාකාලේ ඒ වීදි වල දැකපු තරුණ ගැන්සි සංස්කෘතිය හරිම අපූරුවට බෞද්ධ දර්ශනයත් එක්ක මුසු කරලා තියෙනවා. අහසින් පොළොවට නගින්නේම එක දුමාරයයි කියලා කියන කොටම උන්වහන්සේ මතුපිටට යටින් දේශනා කරන්නේ මහා අභිධර්මයක්.
සිංහල ගීතයේ අලුත් genre එකක් ස්වාමීන්වහන්සේ විවුර්ත කරලා තියෙනවා.
නූතනම පරපුරේ ඉදිරියෙන්ම ගමන් කරන ගීත රචනා 2 ක් වසරක කාලයක් තුල නිර්මාණය කිරීමෙන් අත්තිඩියේ ස්වාමීන්වහන්සේ ඔප්පු කරලා තියෙනෙවා උන් වහන්සේ නිකන්ම අහම්බකාරක ගීත නිර්මාපකයෙක් නෙමේ කියලා. මේ ගී දෙකේ තියෙන අපුර්ව vibe එක ස්පර්ෂ කරන්න හැකි යල්පැන නොගිය සංස්කෘතික විඥානයක් බෞද්ධ භික්ෂුවක් විදියට උන් වහන්සේට තිබීම හරිම uncommon දෙයක්.
තවත් කෙටි කාලයකින් මුළු රටම දුමාරෙන් වැසී යන බවට නම් සැකයක් නැහැ
Comments
Post a Comment