පියුමි හංසමාලී ගේ Lollia
පියුමි හංසමාලී ගේ ක්‍රීම් එකේ mercury තියෙනවාය hydroquinone තියෙන්න ඉඩ තියෙනවාය කිය කියා post ඕනේ තරම් යනවා. එත් එක ක්‍රීම් එකක් අරගෙන Liquid chromatography එකකට හරි AA spectrophotometer එකකට දාල analyse කරලා තියන්නේ මොනවද කියලා හරියටම පෙන්වලා දෙන්න පුළුවන් එක මනුස්සයෙක් නෑ. ඕනේ තරම් විශ්වවිද්‍යාල තියෙනවා අනෙකුත් ලැබ්ස් තියෙනවා. එත් මේ සරල දේ කරන්න පුළුවන් එක්කෙනෙක් නැහැ. Google එකේ හරි AI tool එකක හරි "හම සුදු කරන ක්‍රීම්" කියලා type කරලා ඒ එන ටික අරගෙන පොස්ට් හදනවා. මේක තමයි ලංකාවේ අධ්‍යාපනයට වෙලා තියෙන්න. ගෙඩි පිටින් වමාරන සුත්‍ර හැරුනම ප්‍රයෝගිකව යමක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි
කොහොමත් පියුමි ටාර්ගට් කරන්නේ අඩු අද්යාපනයක් අඩු බුද්දියක් තියෙන එක්තරා segment එකක්. ඒක එයාගේ මාර්කටින් niche එක. Entrepreneur කෙනෙක් විදියට පියුමි සාර්ථකයි. කිසි වරදක් කියන්න බැහැ.
Comments
Post a Comment