මැදිරිගිරියේ කලබැගෑනිය
මැදිරිගිරියේ කලබැගෑනිය ඇතුලේ මමනම් දකින්නේ රිදී රේඛාවක්. ලංකාවේ පොදු ජනයා අතර cultural revolution එකක් සිද්ද වෙමින් යන්නේ. Digital revolution එකෙන් empower වෙච්ච lumpen ජනයා ලාංකීය සංගීතයේ දිශානතිය තමන්ගේ අතට අරන් තියෙනවා. මේක හොද දෙයක්. පරණ ගුවන්විදුලිය තිබ්බ කාලේ ලංකාවේ ජනයාගේ රසාස්වාදය මොකක්ද විය යුත්තේ කියලා තීරණය කලේ රේඩියෝ සිලෝන් එක ඇතුලට රිංගන් උන්නු හින්දුස්තාන් කොපිකැට් පප්පලා ටිකක්. අද ඒ රසාස්වාදයේ සිරගේ කඩාගෙන මිනිස්සු එලියට පැනලා තියෙනවා. මැදිරිගිරියේ සිදුවීම මම දකින්නේ බැස්ටීලය කැඩුවා වගේ. මම නම් කියන්නේ වසරක් පාසා මේ මැදිරිගිරියේ සිද්ධිය සිහිපත් කරමින් දැවැන්ත ප්රසංගයක් පවත්වන්න ඕනේ. Nevada වල Black Rock කාන්තාරේ වසරක් පාසා පවත්වන Burning Man ceremony එක වගේ දේවල් ලංකාවෙත් පටන් ගන්න දැන් කාලේ හොදටම හොදයි. "මැදිරිගිරිය බ්ලාස්ට්", "කෝලාහලේ", "බෑන්ඩ් කිලර්ස්", "බෑශ් ද බෑන්ඩ් " වගේ මොකක් හරි නමකින් මේ වගේ වාර්ෂික counterculture art event එකක් පටන්ගන්නවා නම් මම හරි කැමතී.
Comments
Post a Comment