රිලව් සංගණනය

 සාමාන්ය ජනයා සහභාගී කරගෙන සත්ව ගහනයන් සංගණනය කරන එක අලුත් දෙයක් නෙමේ. ලෝකේ පුරාම මේ වගේ ක්රම භාවිතා කරනවා. මේවගේ ක්රම Citizen science එහෙම නැත්නම් Farmer count වගේ නම් වලින් හදුන්වනවා. එත් data science මේ තරම් දියුණු කාලෙක පත්රිකා බෙද බෙදා මේවා කරන්න අවශ්ය නැහැ. Mobile App එකක් භාවිතයෙන් පහසුවෙන්ම මේ වැඩේ කරන්න පුලුවන් (මේ වැඩේ කරන්න පුළුවන් standard mobile Apps පවා තියෙනවා). එහෙම කලානම් සමස්ත සංගණන ප්රතිපලය ඉතා කෙටි කාලයකින් ලැබෙනවා විතරක් නෙමේ කීපවතාවක්ම හෝ වසරකට වරක් හෝ නැවත නැවත කරලා ඉතා නිවැරදි දත්ත වගේම අදාළ ගහනයන් වල වර්ධනය හෝ අඩුවීම දිගටම නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේ පත්රිකා ක්රමයෙන් වෙන්නේ එම දත්ත නැවත පරිගණක ගත කරලා process කරන්න විශාල කාලයක් සහ ශ්රමයක් වැය වෙනවා. ඒ වගේම නැවත සංගණනයක් කරන්න අවශ්ය උනාම සමස්ත ක්රියාවලියම විශාල වියදමක් දරලා repeat කරන්න වෙනවා. මේක ලංකාවේ අද්යාපන ක්රමයේම ගැටළුවක්. එක එක ක්ෂේත්ර වෙන වෙනම කොටු වලට බෙදලා වෙන්කරගෙන නිසා සමස්ත චිත්රය දකින්න බැහැ. ජීවවිද්යාව දන්නා අය තාක්ෂනය දන්නේ නැහැ. තාක්ෂනය දන්නා අය ස්වභාවික විද්යාවන් දන්නේ නැහැ. ඒ නිසාම තමයි cutting edge නිර්මාණ හෝ සංකල්ප ලංකාවෙන් බිහි නොවෙන්නෙත් .



Comments

Popular posts from this blog

දුමාරෙ

මැදිරිගිරියේ කලබැගෑනිය