Posts

Showing posts from March, 2025

පියුමි හංසමාලී ගේ Lollia

Image
 පියුමි හංසමාලී ගේ  ක්‍රීම් එකේ mercury තියෙනවාය hydroquinone තියෙන්න ඉඩ තියෙනවාය  කිය කියා post ඕනේ තරම් යනවා. එත් එක ක්‍රීම් එකක් අරගෙන Liquid chromatography එකකට හරි AA spectrophotometer එකකට දාල analyse කරලා තියන්නේ මොනවද කියලා හරියටම පෙන්වලා දෙන්න පුළුවන් එක මනුස්සයෙක් නෑ. ඕනේ තරම් විශ්වවිද්‍යාල තියෙනවා අනෙකුත් ලැබ්ස් තියෙනවා. එත් මේ සරල දේ කරන්න පුළුවන් එක්කෙනෙක් නැහැ. Google  එකේ හරි AI tool එකක හරි "හම සුදු කරන ක්‍රීම්" කියලා type කරලා ඒ එන ටික අරගෙන පොස්ට් හදනවා.  මේක තමයි ලංකාවේ අධ්‍යාපනයට වෙලා තියෙන්න. ගෙඩි පිටින් වමාරන සුත්‍ර හැරුනම ප්‍රයෝගිකව යමක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි  කොහොමත් පියුමි ටාර්ගට් කරන්නේ  අඩු අද්යාපනයක් අඩු බුද්දියක් තියෙන එක්තරා segment එකක්. ඒක එයාගේ මාර්කටින් niche එක. Entrepreneur  කෙනෙක් විදියට පියුමි සාර්ථකයි. කිසි වරදක් කියන්න බැහැ. 

දුමාරෙ

Image
  අත්තිඩියේ සාදු දුමාරෙ ගහලා විප්ලවයක් කලේ. රොබී ජේ තරුණයාව එක මාසෙන් සුපිරිම තරුවක් බවට පත් කලා. මෙච්චර කල් බොහෝ විට සිද්ද වුනේ ගීත රචකයෝ කොළ කෑලි උස්සගෙන ගායකයෝ පස්සෙන් ගියා තමන්ගේ ගීතය කියවගන්න. කොහොම හරි හතර අතට වැදලා කියවගත්තත්, ගීතය සාර්ථක උනොත් ආර්ථික වාසි සියල්ලම පාහේ ගන්නේ ගායකයා. රචකයා නිකම්ම ගන්දබ්බයෙක් වෙනවා. හැබැයි ඇත්තටම ලෝකේ සින්දු කියන්න පුළුවන් අය ඕනෑ තරම් ඉන්නවා. ගීත රචනාවක් කරන්න පුළුවන් මිනිස්සු ඉන්නේ අතලොස්සයි. අලුත් ගායකයෝ පැරණි සාර්ථක ගීත කියමින් ජනප් ‍ රිය වෙන්න බලන්නෙත් මේ නිසයි(වැඩිය ඕනේ නැහැ, ගෘහස්ත පොඩි සාදයකට එකතු වෙන පිරිසක් දිහා බැලුවත් මේක පැහැදිලී). එහෙම බැලුවම අත්තිඩියේ පුඥරතන ස්වාමීන් වහන්සේ සැබෑම පෙරලියක් කල වීරයෙක්. මෙච්චර කාලෙකට දැවැන්තයෝ කියපු උදවියටවත් කරගන්න බැරුව හිටපු දෙයක් උන්වහන්සේ කලේ. views 3.5 මිලියන් වලට ලං වෙලා. රටම දුමාරයෙන් වැසී යනවා. "චීන පටස් දාලා වගේ පුටාර් එකේ යති හයේ හතරේ කල්ලී" කියලා අත්තිඩියේ පුඥරතන හාමුදුරුවෝ කියන කොට මතක් වෙන්නේ 90 ගණන් වල මැද වගේ කාලේ අපි කොළබ අත්තිඩිය ප් ‍ රදේශයේ සැරිසරන කොට තිබ්බ තත්ව...

රිලව් සංගණනය

Image
  සාමාන් ‍ ය ජනයා සහභාගී කරගෙන සත්ව ගහනයන් සංගණනය කරන එක අලුත් දෙයක් නෙමේ. ලෝකේ පුරාම මේ වගේ ක් ‍ රම භාවිතා කරනවා. මේවගේ ක් ‍ රම Citizen science එහෙම නැත්නම් Farmer count වගේ නම් වලින් හදුන්වනවා. එත් data science මේ තරම් දියුණු කාලෙක පත් ‍ රිකා බෙද බෙදා මේවා කරන්න අවශ් ‍ ය නැහැ. Mobile App එකක් භාවිතයෙන් පහසුවෙන්ම මේ වැඩේ කරන්න පුලුවන් (මේ වැඩේ කරන්න පුළුවන් standard mobile Apps පවා තියෙනවා). එහෙම කලානම් සමස්ත සංගණන ප් ‍ රතිපලය ඉතා කෙටි කාලයකින් ලැබෙනවා විතරක් නෙමේ කීපවතාවක්ම හෝ වසරකට වරක් හෝ නැවත නැවත කරලා ඉතා නිවැරදි දත්ත වගේම අදාළ ගහනයන් වල වර්ධනය හෝ අඩුවීම දිගටම නිරීක්ෂණය කරන්න පුළුවන්. දැන් මේ පත් ‍ රිකා ක් ‍ රමයෙන් වෙන්නේ එම දත්ත නැවත පරිගණක ගත කරලා process කරන්න විශාල කාලයක් සහ ශ් ‍ රමයක් වැය වෙනවා. ඒ වගේම නැවත සංගණනයක් කරන්න අවශ් ‍ ය උනාම සමස්ත ක් ‍ රියාවලියම විශාල වියදමක් දරලා repeat කරන්න වෙනවා. මේක ලංකාවේ අද් ‍ යාපන ක් ‍ රමයේම ගැටළුවක්. එක එක ක් ‍ ෂේත් ‍ ර වෙන වෙනම කොටු වලට බෙදලා වෙන්කරගෙන නිසා සමස්ත චිත් ‍ රය දකින්න බැහැ. ජීවවිද් ‍ යාව දන්නා අය තාක්ෂනය දන්නේ නැහැ. තාක්ෂ...

මැදිරිගිරියේ කලබැගෑනිය

Image
  මැදිරිගිරියේ කලබැගෑනිය ඇතුලේ මමනම් දකින්නේ රිදී රේඛාවක්. ලංකාවේ පොදු ජනයා අතර cultural revolution එකක් සිද්ද වෙමින් යන්නේ. Digital revolution එකෙන් empower වෙච්ච lumpen ජනයා ලාංකීය සංගීතයේ දිශානතිය තමන්ගේ අතට අරන් තියෙනවා. මේක හොද දෙයක්. පරණ ගුවන්විදුලිය තිබ්බ කාලේ ලංකාවේ ජනයාගේ රසාස්වාදය මොකක්ද විය යුත්තේ කියලා තීරණය කලේ රේඩියෝ සිලෝන් එක ඇතුලට රිංගන් උන්නු හින්දුස්තාන් කොපිකැට් පප්පලා ටිකක්. අද ඒ රසාස්වාදයේ සිරගේ කඩාගෙන මිනිස්සු එලියට පැනලා තියෙනවා. මැදිරිගිරියේ සිදුවීම මම දකින්නේ බැස්ටීලය කැඩුවා වගේ. මම නම් කියන්නේ වසරක් පාසා මේ මැදිරිගිරියේ සිද්ධිය සිහිපත් කරමින් දැවැන්ත ප් ‍ රසංගයක් පවත්වන්න ඕනේ. Nevada වල Black Rock කාන්තාරේ වසරක් පාසා පවත්වන Burning Man ceremony එක වගේ දේවල් ලංකාවෙත් පටන් ගන්න දැන් කාලේ හොදටම හොදයි. "මැදිරිගිරිය බ්ලාස්ට්", "කෝලාහලේ", "බෑන්ඩ් කිලර්ස්", "බෑශ් ද බෑන්ඩ් " වගේ මොකක් හරි නමකින් මේ වගේ වාර්ෂික counterculture art event එකක් පටන්ගන්නවා නම් මම හරි කැමතී.